31.7 C
Colombo
Friday, June 20, 2025

සමාජ මාධ්‍යයේ යන ජනපතිගේ ගුවන් ගමන ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති සුහද හමු ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීමට හෙළිකොප්ටර් යානා තුනක් භාවිතා කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ පුවතක් පැතිර යනවා.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අදාළ ගමනට, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් කිසිඳු හෙළිකොප්ටර් යානයන් භාවිත කර නොමැති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා යාපනයේ පැවති උත්සව සඳහා සිය මෝටර් රථයෙන් ගමන් කළ බවට සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් බවට අනාවරණය වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහා හෙළිකොප්ටර් යානා තුනක් යොදාගෙන ඇතිබවට පවසමින් වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ දැක්වෙන හෙළිකොප්ටර් යානා තුළ කවුරුන් ගමන් කරනවාද යන්න සඳහන් කිරීමට හැකියාවක් නැහැ.

මේ පිළිබදව අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා අදාළ යාපනය සංචාරය සඳහා කිසිදු ගුවන් යානයක් භාවිත කර නොමැති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතාගෙන් ද විමසා සිටි අතර ඔහු ද සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් කිසිඳු හෙළිකොප්ටර් යානාවක් අදාළ සංචාරය සඳහා යොදා නොගත් බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා යොදාගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සඳහන් කරන වීඩියෝවේ දැක්වෙන හෙලිකොප්ටර් යානා එම් අයි 17 වර්ගයේ සහ 412 වර්ගයේ හෙළිකොප්ටර් යානා ලෙස හඳුනාගෙන ඇති අතර අදාළ හෙළිකොප්ටර් යානා අඩුම තරමින් මෙවර නිදහස් උත්සව දිනය සඳහා හෝ යොදා නොගන්නා බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...