26.7 C
Colombo
Sunday, July 20, 2025

බස් රථවල ආසන පටි පැළඳීම ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීම කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය ඒ බව සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට හා දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වමින්, ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙමින් මේ සම්බන්ධව විවිධ කරුණු ඉදිරිපත් කරන බවට නිරීක්ෂණය වන බවයි.

මෙය නව නීතියක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය මඟින් රථවාහන ධාවනයේදී රියදුරෙකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බව පොලීසිය පවසනවා.

එසේම 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙකු සෑම පැය 04 යි විනාඩි 30 කට වරක්ම විනාඩි 30 ක කාලයක් විවේක ලබා ගත යුතු බවට සඳහන් කර තිබෙනවා. 

එමෙන්ම පැය 24 කාල සීමාවක් තුළදී රියදුරෙකු පැය 10ක විවේකයක් ලබා ගත යුතුයි.

දෛනිකව දිවයින තුළ වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව නැවත සිහිකැඳවීමක් වශයෙන් මෙම ආසන පටි පැළඳීමේ නීතිය පිළිබඳව මෙලෙස රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මහජනයා නොමග යවන සුළු මෙවැනි පුවත් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තුලින් වැරදි තොරතුරු සමාජගත වන අතර රිය ධාවනයේදී ඉහත නෛතික තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර නියමිත පරිදි ආසන පටි පැළඳ විනයගරුක හා නීතිගරුක රියදුරන් වශයෙන් ක්‍රියා කර දෛනිකව වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිස් රථවාහන මූලස්ථානය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES