24 C
Colombo
Thursday, February 13, 2025

යෝෂිතට දීපු ඇපය ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (27) කරුණු පැහැදිලි කිරීමක් කළා.

එහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම්  කර නොමැති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ නානායක්කාර මහතා :

යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු රටින් පළා යන්නේ නැත්නම් ඇපදීම තමයි සාමාන්‍ය ස්වභාවය. යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි ඒකට අවශ්‍ය ක්‍රියාපටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත්අඩංගුවට ගත්තේ ඇප දෙනවා කියන්නේ නඩුයෙන් නිදහස් වෙනවා කියන එක නෙමයි.”

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES