31.7 C
Colombo
Friday, June 20, 2025

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

අද පැවති (06) රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් ධාවනය සහ අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය පැදවීම මගින් 2023 වර්ෂයේදී 332ක්ද, 2024දී 198 දෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම සිදුවන අනතුරුවලින් ශ්‍රී ලංකා පොලීසිය විසින් ගිය වසරේදී බස් රථ රියදුරන් 60,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව මින් ඉදිරියට බස් රථ ධාවනයකදී වාහනය හැසිරවීම සඳහා අනවශ්‍ය ලෙස කොන්දොස්තරවරුන් දෙදෙනෙක් අවශ්‍ය නොවන බවත්, රථයේ ඉදිරිපස අංක තහඩු හැර වෙන කිසිදු ඡායාරූපයක් හෝ නවීකරණයක් ඇලවීමට නොහැකි බවත් පවසමින් ඔහු කියා සිටියේ බස් රථයේ ඉදිරි වාහුමාව සම්පූර්ණයෙන් නිදහස් කර තිබිය යුතු බවයි.

බස් රථ මෙන්ම ත්‍රීරෝද රථයන්හි කලාත්මක අලංකරණයට සවිකර ඇති සියලුම උපාංග වහාම ඉවත් කරන ලෙසත් ඉන්දික හපුගොඩ මහතා එහිදී පෙන්වාදුන්නා.

එමෙන්ම මෝටර් වාහන පනතට අනුව බස් රථ සහ ත්‍රීරෝද රථ හිමියන්ට පමණක් නොව මාර්ගයේ භාවිතා කරන සෑම රථ වාහනයකටම එකම නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන්ට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයට අනුව සඳහන් වන නීතියේ ප්‍රතිපාදන සහ එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර තිබෙන බවද පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් මාර්ගයේ ධාවනය වන වාහන නවතා රථ පරීක්ෂා කරමින් එහි අලංකරණය වීමට සවිකර තිබූ සියලුම අමතර උපාංග ඉවත් කරන අයුරු දක්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් ජනතාව කියා සිටින්නේ, වාහනවල මගීන්ට අපහසුවක් වන ඕනෑම අලංකරන උපාංග ඉවත් කළද පිළිවෙලකට තබාගෙන ඇති සිය රථවල ආගමික සංකේත පවා ඉවත් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු නොවූ බවයි.

එමෙන්ම විවිධ නාදරටා, විවිධ වර්ණ සහිත අමතර පහන් ඇතුළු රථවාහනවල නීතිවිරෝධී සවිකිරීම් ඉවත් කිරීම සඳහා රියදුරන්ට ලබන 19 වන දින දක්වා කාලය ලබාදෙන බව පොලීසිය පැවසුවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනවාරි 05 වනදා සිට ලබන 19 වන දින දක්වා මේ සම්බන්ධයෙන් රියදුරන් සහ මහජනතාව දැනුවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...