32 C
Colombo
Friday, March 31, 2023

බස් රථයෙන් බසවා උස්සාගෙන ගිය තරුණයා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික ද සිල්වා ව ඊයේ (27) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකින් පසුව ගුරු මැදුර වෙත යාම සඳහා බස් රියකට ගොඩවැදී සිටියදී 6 ගෙන් සමන්විත සිවිල් පිරිසක් විසින් ඔහුව රැගෙන ගොස් නිල් පැහැ ජීප් රියක දමාගත් බවයි පැවසුනේ.

කෙසේ නමුත්, අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව‍පොලීසිය පවසා සිටිනවා.

ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

ඔහුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...