24 C
Colombo
Wednesday, January 22, 2025

විදෙස් දූතයින් පත්කිරීමේ ප්‍රමාදය ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව රජය පත්වීමෙන් අනතුරුව තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයක ම පුරප්පාඩු පැවතුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත්තේ එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වන බවයි,  

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතු අතර, එම එකඟතාවය ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් බව විදේශ අමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාල එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු වෙනවා.

එම අවස්ථාවට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙන බවද විදේශ කටයුතු අමාත්‍ය කාර්යාලය තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES