23 C
Colombo
Friday, February 14, 2025

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පැමිණිලිකරු වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අදාළ නිලධාරීවරයා විසින් පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, අදාළ නිලධාරිවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES