28.4 C
Colombo
Saturday, June 21, 2025

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිටියේදී මිය ගිහින්

- Advertisement -

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රිකට් තරගයක් අතරතුර හට ගත් හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉම්රාන් පටෙල් නමැති 35 හැවිරිදි වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

පසුගියදා (27) රාත්‍රියේ පූනේහි ගාර්වෙයාර් ක්‍රීඩාංගනයේ පැවති තරගයක් අතරතුර ඔහු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහු තරගයේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසී තිබුණා.

පන්දු වාර කිහිපයකින් අනතුරුව ඔහු තමාගේ වම් අතේ සහ පපුවේ වේදනාවක් හටගෙන ඇති බව විනිසුරුවන්ට දැනුම් දී තිබෙනවා.

එලෙස දැනුම් දී කෙටි වේලාවකින් ක්‍රීඩාංගණයෙන් පිටතට යමින් සිටියදී ඔහු පිටියේ ඇද වැටී තිබුණා.

අනතුරුව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි.

පටෙල් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටි බවත් ඔහුගේ වෛද්‍ය වාර්තාවල රෝගී තත්වයක් සම්බන්ධයෙන් සඳහනක් නොවූ බවත් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු මෙම හදිසි මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

බදුල්ලේ බස් රථයක් පෙරළී අනතුරක් – තිදෙනෙක් මරුට

Update: බදුල්ල - දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුවූ බස් අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ 27 දෙනෙකු රෝහලට. ........................................................................................................................ බදුල්ල දුන්හිඳ මාර්ගයේ මාර්ගයේ ගමන් ගත් බස්...

POPULAR ARTICLES

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

ඊශ්‍රායල ප්‍රහාර: දින 9කදී ඉරානයේ 400ක් මිය ගිහින්

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ ජුනි 13 වන දින සිට ඉරානයේ පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3000ක් පමණ තුවාල ලබා ඇති බව ඉරානය...