27.8 C
Colombo
Saturday, June 21, 2025

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

- Advertisement -

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙලෙස රටින් පළා ගොස් ඇත්තේ එම චෝදනා මත ඇප මත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තායි.

මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසම මගින් සඳහන් කර ඇත්තේ විත්තිකරු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රටින් පළා ගොස් තිබෙන බවයි.

විත්තිකරු පදිංචිවී සිටින බවට අවසන් වශයෙන් අධිකරණයට ලබාදුන් ලිපිනයේ පිහිටි හෝටලය වෙත ගොස් පරීක්ෂා කළ බවත් විත්තිකරු 2024 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා එහි රැඳී සිට ඇති බව අනාවරණය වූ බවත් මෝසමේ සඳහන් වනවා.

අදාළ හෝටලයේ නවාතැන් ගැනීම සඳහා විත්තිකරු විසින් මේ මස 06 වනදා දක්වා කාමර පහසුකම් වෙන්කරගෙන තිබුණ ද ඉකුත් දෙසැම්බර් මස 31 වන දිනෙන් පසුව ඔහු හෝටලයට පැමිණ නොමැති බව විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවද එම මෝසම මගින් පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව විත්තිකරුගේ ඇපකරුවන්ගෙන් විමසූ විට තමන් 2024 වසරේ ජනවාරි මස 29 වන දා ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් ඒකකය වෙත අත්සන් කිරීම සඳහා රැගෙන යාමෙන් පසුව විත්තිකරු පිළිබඳව තමන්ට තොරතුරක් නොමැති බව දැනුම්දී තිබෙන බවත් නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ සඳහන් වනවා.

මෙම නඩුව අද (24) මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුට ඇප තැබූ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

අධිකරණය මගහැර සිටින විත්තිකරු වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඇපකරුවන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවොත් ඇප මුදල් දඩයක් ලෙස අය කර ගැනීමට සිදුවන බවත් අනතුරු අඟවා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන මස 30 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

මෙම විත්තිකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර  ඔහුගේ  විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබුවා.

2024 වසරේ ජනවාරි මස මහනුවර පල්ලෙකැලේ පැවති ලේජන්ඩ් ට්‍රෝෆි  ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක උපුල් තරංග සහ තවත්  නවසීලන්ත ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින්  විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES