24 C
Colombo
Sunday, January 19, 2025

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

- Advertisement -

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියා.

“කර්මාන්තවලට, කෘෂිකර්මාන්තවලට ඉඩම් නිකුත් කරනවා LRC එක හරහා. නමුත් පහුගිය කාලයේ ඉඩම් බෙදා දුන්න ඒවා සහ ඉඩම් පවරපු ඒවා සම්බන්ධයෙන් විශාල ගැටලු තොගයක් තිබුණා. පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදී තිබෙන්නේ කාටද ? මොන ව්‍යාපෘතිවලටද ? මොන පදනම යටතේ ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු LRC එකෙන් ඉඩම් දීම නවත්තන්න. අපි කඩිනමින් මේ පරීක්ෂණය කරලා, කාට ද මේ ඉඩම් දීලා තියෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් දුෂණ අක්‍රමිතා සිදුවෙලා ද කියලා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES