32 C
Colombo
Friday, April 19, 2024

එන්නත වෙනුවට පොලිසිය දුන් බැටන් පොලු සංග්‍රහය ගැන පරීක්ෂණයක්

- Advertisement -

වැලිගමදී සිදුවූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ, අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කර ඇති බවත් ඊට අදාලව සාධාරණයක් ඉටුවනු ඇති බවත් රමේෂ් පතිරණ මහතා පවසනවා.

මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ මේ මස 01දා පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබූ අතර ඒ වන විටත් ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන් වී තිබුණා.

නමුත් දිගින් දිගටම ජනතාව එහි රැඳී සිටීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ගම් වාසීන් එම ස්ථානයෙන් ඉවත් කළේ බැටන් පහරද ලබා දෙමින්.

බැටන් ප්‍රහාර එල්ල කරමින් ජනතාවට හිරහැර කිරීමේ චෝදනාව මත මාතර – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ද ලද අතර ඔහුව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...