ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
මෙම නව රක්ෂණ ක්‍රමය මඟින් සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේදී දිනකට රුපියල් 1000 බැඟින් රු.15,000 ක උපරිම මුදලක් ලබාදෙනු ඇති.
එමෙන්ම රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25,000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්.
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාවද පවතිනවා.
මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.ෙ
නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගන්වනු ලැබූවා.