Breaking: මෛත්‍රීපාලගේ සභාපතිකමට කණ කොකා හඬලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම තීරණය ලබා දී  තිබුණා. කොළඹ දිසා අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.