24 C
Colombo
Sunday, February 16, 2025

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

- Advertisement -

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

ත්‍රීරෝද රථයක කුලී ගමනක් ගිය හිමිනමක පන්සලට ගොස් ඇරලවා නිවසට යමින් සිටි තරුණයකුට කොළඹ-මහනුවර පාරේ යක්කල ප්‍රදේශයේදී මාර්ගය හරස් කළ පිරිසක් තමාට පහර දී ඇති බවත්, එසේ පහර දුන් පිරිස පසුව තරුණයා අදාළ හිමි නම කුලී ගමන ගිය විහාරස්ථානය අසල වත්තකට ඇදගෙන ගොස් පහරදී ඇති බවත් එම තරුණයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන්.

තරුණයාට පහර දෙමින් සිටි ස්ථානයට පැමිණි පොලිසිය එම පහරදීම නතර කිරීමට කිසිම උත්සාහයක් දරා නැති බවත් පහරදීම අවසන් වූ පසු තරුණයා ත්‍රීරෝද රියක නංවාගෙන පොලිසියට ගෙන ගොස් ඇති බවත් ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තමාව රෝහල් ගත කරන්නැයි බැගෑපත්වෙද්දී එලෙස රෝහල් ගත නොකර තමාට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

තවද තමාව හෙරොයින් දමා රිමාන්ඩ් කරන බවට තර්ජනය කර පොලිස් සිරමැදිරියට දැමූ පසු එහි සිටි සැකකරුවන් තරුණයාට වතුර පෙවීමට උත්සාහ කරද්දී පොලිසිය එයද නතර කර ඇති බවටද ඔහු පැමිණිලි කර තිබෙනවා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ තමාව රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගනු ලැබුවේ, පසුදින උදෑසන සිය මව පොලිසියට පැමිණ තවත් පිරිසක් හරහා ස්ථානාධිපතිට දැනුම් දීමෙන් පසුව බවයි.

පහරදීම සම්බන්ධයෙන් මෙන්ම තරුණයාට පොලිස් ස්ථානයේදී අමානුෂික ලෙස සැලකීම ගැන MediaLK යූටියුබ් නාලිකාවේ පළ වීමෙන් පසු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි සහ ගම්පහ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී කේ ඩබ්ලිව්.ආර්.ජේ.රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තරුණයාට පිරිසක් පහරදීම ඇතුළු සිදුවීම් ගැන යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථානීය පරීක්ෂණ කර විමර්ශන ආරම්භ කර ඇත්තේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධයෙන් විමසීමෙන් පසුව බවද වාර්තා වෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් උදෑසන පොලිස් සිරමැදිරි පරීක්ෂා කළ යුතු වුවද සිද්ධිය වූ දිනයේ පහරකෑමට ලක්වී සිටි තරුණයා රෝහල් ගත කිරීමට ස්ථානාධිපතිවරයා හෝ කටයුතු කර නැහැ

ඔහුව රෝහල් ගත කර තිබුණේ තරුණයාගේ මව පොලිසියට පැමිණ ඇවිටිලි කර තවත් කිහිපදෙනකු ලවා පොලිස් ස්ථානාධිපතිගෙන් ඒ ගැන සිදු කළ විමසීමකින් පසුව වීමද විශේෂත්වයක්.(MediaLK)

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES