32 C
Colombo
Friday, January 17, 2025

පැරණි පොලීසියේ CCTV අතුරුදන්වීම ගැන විමර්ශනයක්

- Advertisement -

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට ඊයේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිසියට අයත් අංශ රැසක්ම ක්‍රියාත්මකව පවතින අතර පිටස්තර කිසිවෙකුට එහි ඇතුලුවීමට නොහැකි වන අකාරයට ආරක්ෂාව තර කර තිබියදී මෙම සොරකම සිදුවීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.

RECENT ARTICLES - SINHALA

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

Breaking: විදුලි ගාස්තුව පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...

POPULAR ARTICLES