28 C
Colombo
Thursday, January 16, 2025

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

- Advertisement -

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද්ධ හමුදාව බන්ධනාගාර පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවයි.

‍ගසක අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් ඊයේ (01) රාත්‍රියේ මිය ගියා.

මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වනවා.

ඊයේ(01) රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රදවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතර මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 02ක සිරදඬුවම් නියමව සිටි සිරකරුවෙක් වනවා.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES