24 C
Colombo
Sunday, February 16, 2025

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

- Advertisement -

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්‍රියාවලිය සිදු කර ඇති බවයි.

අදාළ සම්බාහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද සමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

“මේ සිදුවීම වෙන්නේ සාමාන්‍ය ධාවනයට ලබා දුන් දුම්රියක නෙමෙයි, පෞද්ගලික ආයතනවලට පුළුවන් දුම්රිය වෙන් කරවාගන්න මුදල් ගෙවලා සංචාරක කටයුතු සඳහා යොදාගන්න. මේ ගැන විමර්ශනයක් කරනවා සංචාරක පොලීසියටත් දැනුම් දෙනවා මේ ගැන සොයා බලන්න කියලා. සිද්ධිය ගැන සොයා බලලා අදාළ අයගෙන් අලාභ අය කරගන්න කඩිනමින් කටයුතු කරනවා.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES