24 C
Colombo
Thursday, February 13, 2025

විල්පත්තුවේදී බල්ලෙක් දිවියෙකුට හසුවෙන වීඩියෝව ගැන සැකයක්

- Advertisement -

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ සංචාරකයින්ට නැරඹීමටදිවියන් ගෙන්වා ගැනීම සඳහා සුනඛයන් භාවිතා කරන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවීමත් සමඟයි.

මේ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන්  සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව තවදුරටත් අවධාරණය කර ඇත්තේ ජාතික උද්‍යානයන් තුළට ගෘහාශ්‍රිත සතුන් රැගෙන යාම, නිදහස් කිරීම, වන සතුන්ට ආහාර ලබාදීම් මෙන්ම සංචාරකයින් තමන්ට ලැබී ඇති බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදවල් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසා ඇත්තේ අවට ඇති ගම්මානවලින් ජාතික වනෝද්‍යානවලට අයාලේ යන සුනඛයන් පැමිණීමේ ගැටලුවක් පවතින අතර ඊට විසඳුම් සෙවීමට පියවර ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත්, දිවියන් ගෙන්වා ගැනීම සඳහා සුනඛයන් හිතාමතාම උද්‍යානයට ගෙන එන්නේද යන්න බලධාරීන් විමර්ශනය කරන බව ඔහු පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES