26.7 C
Colombo
Saturday, June 14, 2025

කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන් පුද්ගලයෙක් සොයා පරීක්ෂණයක් (වීඩියෝ)

- Advertisement -

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලංකාදීප වාර්තා කළේ  පදවිය, වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇති අතර සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇති බව පොලීසිය පවසනවා.

කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවද අසල්වාසීන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

සැකකරු සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES