30.3 C
Colombo
Thursday, April 25, 2024

‍රට ගොඩගන්න අගමැතිගෙන් තරුණයන්ට ආරාධනාවක්

- Advertisement -

රටේ ආර්ථිකය ගොඩනැංවීමට එකතු වන්නැයි තමා තරුණ තරුණියන්ට ආරාධනයක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (23) දින ජනාධිපති, අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභාවේ අවස්ථාවේ විවාදයේ පළමු කතාව පවත්වමින්.

කොවිඩ් වසංගතය නිසා රටේ ව්‍යාපාර රැසක් කඩා වැටී ඇති බවත් රජයේ මේ අවස්ථාවේදී ආර්ථිකය ගොඩ නැගීමට උපරිම උත්සහ දරන බවයි අගමැතිවරයා පවසන්නේ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ඇප කැපවී සිටින බව පැවසු අගමැතිවරයා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිසි වෙලාවට නිසි ආකාරයට තීන්දු ගත් බව සියලු දෙනාට මතක් කර සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරගෙන යන බවත් එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

ඒ සම්බන්ධයෙන් රහසිගතව කිසිම කටයුත්තක් නොකරන බවත් මුදල් අමැතිවරයා කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රමෝපායන් සහිත අයවැයක් ඉදිරිපත් කළේ මේ අර්බුද ජය ගැනීමට බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා.

මේ රජය 2019 වර්ෂයේදී බාරගත්තේ කඩා වැටුණු ආර්ථිකයක් බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එම කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබීමට අවශ්‍ය කෙරෙන ශක්තිය මේ අයවැය යෝජනාවේ තිබෙන බවත් ොහු අවධාරණය කර සිටිනවා.

විරුද්ධ පක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් බවත් රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා සාමූහිකව තීන්දු ගත යුතු බවත් ඔහු පවසනවා

ඒ වගකීම ඉටුකිරීමට මේ උත්තරීතර සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

විපක්ෂයේ සමහර විවේචන අසාධාරණ බව පැවසූ රාජපක්ෂ මහතා සාධාරණ විවේචන බාර ගැන වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...