27 C
Colombo
Wednesday, March 19, 2025

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

- Advertisement -

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා .

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසා සිටියේ,

“මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග හා සැලසුම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගතයේ අපේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙතැයි මම තරයේ විශ්වාස කරනවා. වර්තමානයේ දී අපේ රටවල් මට්ටමිනුත් කලාප මට්ටමිනුත් ලෝක මට්ටමිනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. සංකීර්ණයි. මේ ප්‍රශ්න නොතකන සමහරු තමන්ගේ ආත්මාර්තකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න වෙන බව තම තමන්ගේම හුදකලා චාරිකාව අවසන් කරනවා. ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානය යොමු කරනවා. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සහ ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තිබෙනවා. ගෞරවනීය අමුත්තනි ඔබ ඇතැම්විට මැද පෙරදිග නියෝජනය කරනවා විය හැකියි. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් නියෝජනය කරනවා විය හැකියි. අප සියලුදෙනා මුහුණදෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු යන්නයි.

අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුයි කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා. අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක් හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා. මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු.”

RECENT ARTICLES - SINHALA

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

POPULAR ARTICLES

දේශබන්දු ගැන ඇමති අනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...