30 C
Colombo
Wednesday, February 19, 2025

පොහොට්ටුවෙන් ප්‍රබලයෝ තුනකට ආරාධනයක්

- Advertisement -

මෑත ඉතිහාසයේ ඇතිවූ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින් තිදෙනාගේ නියෝජිතයින් එවන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

බලශක්ති අර්බුදයේ පියා කවුද යන්න මෙම විවාදයේදී ඔප්පු කිරීමට හැකි බව පැවසු ඩී. වී. චානක මහතා ,

“මෑත ඉතිහාසයේ ගත්තාම ලංකාවේ තියෙන ලොකුම චෝදනාව, බලශක්ති අර්බුදය. විශේෂයෙන්ම අපි හොයාගමු බලශක්ති අර්බුදයේ පියා කවුද කියලා. ඒ සඳහා මම ආරාධනා කරනවා එක්කෝ මේ යහපාලනය නියෝජනය කරපු පක්ෂ තුනට, ඒ කණ්ඩායමට එන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන ජනාධිපති ධුර අපේක්ෂකයින් නියෝජනය කරලා එවන්න නියෝජිතයින්. අපි විවාද කරමු. මේක අභියෝගයක්. අනිවාර්යයෙන්ම අපි ඔප්පු කරලා පෙන්වනවා මේ බලශක්ති අර්බුදයේ නිර්මාණකරු තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා හදපු යහපාලන ආණ්ඩුව. ඒ සඳහා අපි නැවතත් ආරාධනා කරනවා, එන්න විවාද කරමු”

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES