26.4 C
Colombo
Thursday, March 28, 2024

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක අසභ්‍ය චිත්‍රපටයක් පෙන්වලා

- Advertisement -

ඉන්දියාවේ පට්නා දුම්රිය ස්ථානය තුළ ජනාකීරණ අවස්ථාවක අංක 10 දුම්රිය වේදිකාවේ ඇති රූපවාහිනී තිරය මත අසභ්‍ය චිත්‍රපටයක් පෙන්වීම හේතුවෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි දුම්රිය මගීන් දැඩි ලෙස අහපසුතාවයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දුම්රිය ස්ථානයේ වෙළෙඳ දැන්වීම් ඇතුළු විවිධ දැන්වීම් පලකිරීම සඳහා මෙම රූපවාහිනී තිරය යොදාගෙන තිබෙනවා.

එහි එක්වරම අසභ්‍ය වීඩියෝ පටයක් ප්‍රදර්ශනය වි එය විනාඩි තුනක කාලයක් විකාශය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම රූපවාහිනි තිර සම්බන්ධයෙන් කටයුතු කරන Messrs M Dutta Studio Company Pvt Limited සමාගමට එරෙහිව මේ වන විට වෙන වෙනම පැමිණිලි දෙකක් ගොනු කර ඇති අතර සමාගම අසාදු ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතැයි ඉන්දීය දුම්රිය බලධාරීන් පවසනවා.

අදාළ සිදුවීමෙන් අනතුරුව මෙම රූපවාහිනී තිරවල දැන්වීම් විකාශනය කිරීමට එම ආයතනයෙන් යොදවා සිටි පුද්ගලයා පලාගොස් තිබෙනවා.

දුම්රිය ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා එම පුද්ගලයා ඉදිරිපත් නොවුනහොත් අදාළ සමාගමේ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද වරෙන්තුවක් ඉල්ලා සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...