30.6 C
Colombo
Sunday, July 13, 2025

හිනිඳුම ත්‍රිත්ව ඝාතනයට සැකපිට හිටපු අමාත්‍යවරයෙකුගේ නිලධාරියෙක් අත්අඩංගුවට

- Advertisement -

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් තුළදී සිදු වූ ත්‍රිත්ව ඝතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට සැකකරුගේ ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වනවා.

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ 11.15ට පමණ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හල තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පොලීසිය පැවසුවේ අනෙක් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES