32 C
Colombo
Sunday, June 4, 2023

ශ්‍රී ලංකා අපනයනකරුවන්ට චීන වෙළඳපොළට පිවිසීමට online වේදිකාවක්

- Advertisement -

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් 11 වනදා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කිරීම අපේක්ෂා කෙරේ.

තානාපති ආචාර්ය පාලිත කොහොන සහ සීමාසහිත හයිරොං ටෙක්නොලොජි හි සාමාන්‍යාධිකාරී ජෝන් පෑන් මහතා විසින් මෙම වේදිකාව නිල වශයෙන් දියත් කරන ලදි. චීනයේ රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල සභාපතිවරුන් සහ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ද මීට සහභාගී විය.

ආයෝජන සඳහා පළමු තේරීම ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලන ලෙස තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මෙහිදී අනාගත ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින ලදි.

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු, කෘෂිකාර්මික හා පුනර්ජනනීය බලශක්ති යන අංශවල විශාල ආයෝජන අවස්ථා පවතින බව මෙහිදී අදහස් දක්වමින් හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ලියෝ පෑන් මහතා පවසන ලදි.

ඛනිජ වැලි ක්ෂේත්‍රයේ හා කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙ සඳහා පවතින හැකියාව පිළිබඳව චීන මෙටලර්ජිකල් සමූහය ගවේෂණය කරමින් සිටින බව චීන මෙටලර්ජිකල් සමූහයේ (MCC) උප සභාපති ෂු ෂියැංචුන් මහතා පවසන ලදි.

එමෙන්ම, සුළං බලශක්තිය සහ සූර්ය විදුලිබල උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව හුආඩියන් සමූහයේ වැන්ග් මියාවෝයුවෑන් මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...