26.7 C
Colombo
Monday, July 21, 2025

ඊශ්‍රායලයේ සිට නැවත එන්න ලාංකිකයන්ට අවස්ථාවක්

- Advertisement -

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියා පදිංචි වන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙන බව පැවසෙනවා.

1. ටෙල්-අවිව්  සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.

2. අම්මාන්  සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත.

3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතුය. 

අදාළ ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස 2025 ජුනි මස 23 හා 24 වන දිනවල පමණක් ලියාපදිංචි කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම්දෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES