23 C
Colombo
Thursday, February 13, 2025

සාමාන්‍ය ජනතාවට නිදහස් උළෙල නැරඹීමට අවස්ථාවක්

- Advertisement -

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ගියවර නිදහස් සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27 ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී හැකිවූ බවයි.

ගිය වර නිදහස් සමරු උළෙලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 107 ක්.

එහෙත් මෙවර එය රුපියල් මිලියන 80 කට සීමා කිරිමට හැකි වූ බව ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ 77 වැනි නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ජාතික පුනරුදයට පෙලගැසෙමු යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම සිදු කෙරෙන බවයි.

මෙවර නිදහස් සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැති බවත් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියට සහභාගි වන භට පිරිසද අඩු කර ඇති බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අදත් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES