28 C
Colombo
Friday, July 19, 2024

ගාසාහි සියලුම වැසියන්ට ඉවත් වෙන්නැයි ඊශ්‍රායලයෙන් නියෝගයක්

- Advertisement -

ගාසා තීරයේ උතුරු කලාපය තුළ මෙහෙයුම් දැඩි කර ඇති අවස්ථාවක, ගාසා තීරයේ  දකුණු ප්‍රදේශයෙන් පිට වෙන්නැයි ඊශ්‍රායල හමුදාව එහි සියලුම වැසියන්ට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුවන් යානාවලින් ගාසා වැසියන්ට අත්පත්‍රිකා බෙදා දී ඇති අතර ආරක්ෂිත මාර්ග ඔස්සේ ගාසා තීරයෙන් ඉවත් වන ලෙස එමඟින් ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

කෙසේවෙතත්, මෙලෙස ගාසා තීරයෙන් ඉවත් වන ලෙස නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කණස්සල පළ කර තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව ගාසා වෙතින් එහි වැසියන්ට ඉවත් වෙන ලෙස උපදෙස් ලබා දී අති දෙවන අවස්ථාව මෙයයි.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...