ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන ඇප කොන්දේසි මත මුදාහැරුණු රාජාංගනය සද්ධාරතන හිමියන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇතිද යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (18) නියෝග කර තිබෙනවා.
සැකකාර හිමිනම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.
සැකකාර හිමියන්ට එලෙස කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කරමින් මුදා හරින ලද බවත් එම ඇප කොන්දේසි කඩ කර ඇති බවත් නීතිඥවරයා සීඩී පට ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබෙනවා.
ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව පවසමින් 2023 වසරේ මැයි 29 දින පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගැනුණා.