31 C
Colombo
Wednesday, February 12, 2025

නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළ බව පවසන නාමල් කුමාර ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මගින් සඳහන් කර තිබෙන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

සැකකාර නාමල් කුමාර නැමැත්තා සිය බිරිඳගේ සහ බිරිඳගේ මවගේ නම් වලින් දුරකථන සිම් කාඩ්පත් ලබාගෙන සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒ තුළින් කොටි සංවිධානයේ ධජ, ලාංඡන හා ක්‍රියාකාරකම් ප්‍රචාරය කරමින් ජාතීන් අතර පවතින සංහිඳියාව උල්ලංඝනයවන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සමාජ මාධ්‍ය ගිණුම් නාමල් කුමාර නමැත්තා විසින්ම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී අතර ඔහුගේ බිරිඳගේ සහ බිරිඳගේ මවගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කර ගත් බවත් එහිදී අදාළ සිම් කාඩ් පත් නාමල් කුමාර විසින් භාවිත කළ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නාමල් කුමාර නමැත්තා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශ වලින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් කොටි සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් දක්වා තිබෙනවා.

මේ තුළින් සැකකාර නාමල් කුමාර නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව කරුණු අනාවරණය වී ඇති හෙයින් ඔහුට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නාමල් කුමාර නැමැත්තා ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...