24 C
Colombo
Sunday, January 19, 2025

පිරමීඩ ජාවාරම ගැන අධිකරණයෙන් මහ බැංකුවට නියෝගයක්

- Advertisement -

නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට ඊයේ (18) නියෝග කළා.

රුපියල් කෝටි 5000කට අධික ජනතා මුදල් චංචා කරමින් මෙරට පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන 11කට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව මහ බැංකු නිලධාරීන් කැදවා සිදුකළ විමසීමකදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ අනුව එම වැඩපිළිවෙළේ ව්‍යාපෘති සැලැස්මක් මාස දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම, මහ බැංකුවේ කාර්ය භාර්ය විමසීම සදහා ශ්‍රි ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට මීට පෙර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

අධිකරණය නිකුත් කළ එම නියෝගයට අනුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ නිරෝෂන් මායාදුන්නේ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඔහු කරුණු දක්වමින් කියා සිටියේ, බැංකු පනතේ 83 (ඈ) 03 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහ බැංකුව සතුවන බවයි.

එම පනත ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන්ට එරෙහිව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සැකකරුවන් පොලිසියට යොමු කළ හැකි බවත් නීතිවිරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම් සිදු කරන බවත් අධ්‍යක්ෂවරයා එහිදී අවධාරණය කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා, කියා සිටියේ මහ බැංකුව මගින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියා තමන් මෙරට ජනමාධ්‍ය හරහා දැක නොමැති බවයි.

මහේස්ත්‍රාත්වරයෙකු ලෙස නොව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තමා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පරිශීලනය කරන බවත් මේ ආකාරයට දැන්වීම් තමා දැක නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී කියා සිටියා.

මහ බැංකුවට විමර්ශන සඳහා බලතල සහ සම්පත් පවතින බවත් නීති විරෝධී ආයතනවල ජනතාව මුදල් අයෝජනය වලක්වන්න මෙන්ම අධෛර්ය කරන්න මහ බැංකුව මීට වඩා දායක විය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මහ බැංකුවට සිදුකළ හැකි කාර්යභාර්ය හා ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කර තිබෙන්නේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට පිරමීඩාකාර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සහය පල කරන ලෙසට ද මහ බැංකුවට නියෝග කර තිබෙනවා.

පැමිණිලි වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ද අධිකරණයේ හමුවේ පෙනී සිට ඇති අතර විමර්ශනවල ප්‍රගතිය ලබන වසරේ අප්‍රේල් 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES