28.4 C
Colombo
Wednesday, July 9, 2025

අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 18 දින කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ, සැකකරුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බවයි.

මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා නම් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි යැයි ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා සිටියා.

ආබාධයකින් පෙළෙන බව පෙරදිනයේ ඹහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවත්, ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා කෙටි දිනයක් අවශ්‍ය බවත්, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES