25 C
Colombo
Saturday, February 15, 2025

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 05 වැනිදා  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස දින නියම කළා.

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ගොනුකොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියෙන් සමුද්‍ර පාරිසරික පද්ධතියට විශාල හානියක් සිදුවී ඇතැයිද ධිවර ප්‍රජාවගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ඊට සුදුසු වන්දියක් ප්‍රධානය කරන්නැයි ඉල්ලා සිටිනවා.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 09 වැනිදා තෙක් කල් තැබුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...