24 C
Colombo
Thursday, February 13, 2025

ආගමන හා විගමන පාලකගේ ඇප ඉල්ලීමට නියෝගයක්

- Advertisement -

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් තබා තිබෙනවා.

ඒ අනුව, මේ මස 29 වන දක්වා එම ඇප ඉල්ලීම කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම ඇප ඉල්ලීම වග උත්තරකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලෙස  තීන්දු කළ විනිසුරු මඩුල්ල අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවාදායකයා මෙම සි්ද්ධියට අදාළව මේ වන විට මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා රජයේ ඉහළ නිලධාරීන් සෑම විටම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බවයි පෙන්වාදී තිබෙන්නේ.

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නොහැකි බව පෙන්වා දුන් සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා කෙසේ වෙතත් මෙම රිමාන්ඩ් නියෝගය දුන් විනිසුරු මඩුල්ලම ඇප ඉල්ලීම  සලකා බැලීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් අනිද්දා (29) කැඳවීමට නියම කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES