27.2 C
Colombo
Saturday, June 21, 2025

සජිත්ගේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු 41ක පුද්ගලයෙකු බවයි.

සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට තිබෙනවා.

එහිදී සැකකරු විසින් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් පැමිණිලිකරුට ලබාදී ඇති අතර, එහිදී පැමිණිලිකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට උරණ වී සැකකරු පැමිණිලිකරුට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES