24 C
Colombo
Sunday, February 16, 2025

ස්පා හිමිකරුවෙක්ට බරපතළ වැඩසහිත සිර දඬුවම්

- Advertisement -

තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන, වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට බරපතළ වැඩසහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, එම දඬුවම වසර 05 කින් ගෙවී යා යුතු බවට අද (24) නියෝග කලා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළා.

2021 වසරේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ  මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.  

විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ, රට අපකීර්තියට පත් කරන බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES