පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් පිටුපස කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ඊයේ (17) පස්වරුවේදී එම සිරුර යොගෙන ඇති බවයි.
මියගිය පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අඟල් 06ක් බව පොලීසිය සඳහන් කළා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.