32 C
Colombo
Friday, March 31, 2023

ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී අනීතිකව මුදල් එකතු කරලා

- Advertisement -

කොළඔ ආනන්ද විද්‍යාලයේ 2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට තේරී පත් වූ දරුවන්ගේ මාපියන්ගෙන් එම විදුහලේ ප්‍රාථමික අංශ ප්‍රධානී ආර්. එම්. චමින්ද රන්දෙණිය මහතා නිත්‍යාබූකූල නොවන ආකාරයෙන් රු 2,066,000 ක මුදලක් එකතු කර ඇති බව මූලික විමර්ශණයකින් වාර්තා වී ඇත.

කොළඔ/ ආනන්ද විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනය මූලික වාර්තාවෙන් මෙය අනාවරණය වී ඇත.

එම සිදුවීම පිළීබඳව නිර්දේශයක් ‘මූලික විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක කිරීම’ මැයෙන් 2020.12.06 දින අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ජී.එල්. පද්මකුමාරගේ අත්සනින් යුතුව කොළඔ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලිපියක් යවා ඇත.

එම නිර්දේශයේ සදහන්වී ඇත්තේ අදාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියට තේරී පත් වූ ළමුන්ගේ දෙමාපියන්ගෙන් එකතු කර ඇති එම මුදල් අවිධිමත්ව කර ඇති බවත්, පන්ති භාණ්ඩාගාරිකවරුන් සහ ප්‍රධාන භාණ්ඩාගාරික වෙත රඳවා ඇති එම මුදල, මාපියන්ගෙන් ලබා ගත් මුදලට සමානුපාතිකව ආපසු ලබා දෙන ලෙස ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිසේන සහ ප්‍රාථමික අංශ ප්‍රධානි දැනුවත් කිරීමය.

කෙසේ වෙතත් 05/2015 චක්‍රලේඛයට පටහැනිව අනිතික ආකාරයෙන් එකතු කර ඇති එම මුදල්වලින් 1,340,720ක් වැය කර ඇති ආකාරය පිළීබඳව පරීක්ෂණයක් නොකර මූලික විමර්ශනයේ තීරණය මත එම මුදල හැර ඉතිරි මුදල වන රු 599,601,50 පමණක් යළි ලබාදීමට නිර්දේශ කිරිම අනීතීක බව ලංකා ගුරු සංගමය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දේශ ලබා තිබියදී මේ දක්වා එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත්, අනිතික ආකාරයෙන් මුදල් එකතු කිරිම විමර්ශණයකින් තහවුරු වූ පසුවත් එම විද්‍යෘලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධානියාව තවදුරටත් එම තනතුරේ රඳවා සිටිම බරපතල ගැටළුවක් බවත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...