24 C
Colombo
Wednesday, January 22, 2025

මිලියන 500ක වන්දි ඉල්ලා මනූෂගෙන් ආනන්ද සාගර හිමිට එන්තරවාසියක්

- Advertisement -

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බවට චෝදනා කරමින්  පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

අද (04) උදෑසන මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් ආනන්ද සාගර හිමියන් වෙත මෙම එන්තරවාසියක් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවද මනුෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් යොමු කරන ලද එන්නතරවාසියේ දැක්වෙනවා.

මනුෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සදහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බවද එම එන්තරවාසියේ සඳහන්.

ඒ අනුව, මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියකක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාල ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවත් මනුෂ නානායක්කාර යොමු කළ එන්තරවාසියෙන් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...