28 C
Colombo
Saturday, April 19, 2025

යාපනයේත් වහපු පාරවල් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්

- Advertisement -

යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රාමනාදන් මහතා පෙන්වා දී ඇත්තේ, යුද්ධය අවසන් වී වසර 15 කට වැඩි කාලයක් ගතවී ඇතත්, ජන ජීවිතයට ඉතා තීරණාත්මක ලෙස බලපාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා ඇති බවයි.

මෙම මාර්ග වසා තැබීම හේතුවෙන් උතුරු ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු සහ ගමනාගමනය සීමා කර ඇති බවද අංගජන් රාමනාදන් මහතා අවධාරණ කරනවා.

මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් යළි විවෘත කරන ලෙසට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය තමා අගය කරන බවත් ඒ අනුව යමින්, යාපනයේ අධි ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග කිහිපයක් විවෘත කරන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සිය ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ මෙම පියවර මඟින් ජාතික සංහිඳියාව මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනයද ශක්තිමත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අංගජන් රාමනාදන් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...