අලුත් අවුරුදු දින දෙකේ විදුලිය කැපීම පිළිබඳව නිවේදනයක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 13 හා 14 යන දෙදින තුල විදුලි කප්පාදු බොහෝ දුරට සිදු නොවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කොමිසම නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ප්‍රමාණවත් ඉන්ධන හා දැවි තෙල් ලබා දීම මෙන්ම ඉල්ලුම අඩු වීම නිසා එම දින දෙකේ විදුලි කප්පාදුවක් සිදු නොවිය හැකි බවයි.