32 C
Colombo
Tuesday, February 18, 2025

ආර්ථිකය මකර කටටම තල්ලු කරමින් ඊයේ තවත් රුපියල් බිලියන 20 ක් අච්චු ගහලා  

- Advertisement -

මෙරට ආර්ථිකය වලපල්ලටම තල්ලු කර දමමින් ඊයේ (15) දිනට පමණක් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් ශ්‍රී ලංකා මහබැංකුව විසින් අච්චු ගසා ඇති බව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ අනුව 2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි කෝටි 138,768 ක් (රුපියල් 1,387,680,000,000) ක මුදලක් අච්චු ගසා ඇති බවයි ඔහු පවසන්නේ.

මෙරට ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබෙන සම්පූර්ණ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇති බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල රුපියල් කෝටි 17,804 ක් වනවා.

මේ අතර 1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට පසුගිය සතියේ දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා 2022 ජනවාරි මසයේදී ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව පවතිනවා.

එමෙන්ම 2022 මාර්තු මාසය වන විට තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදලක්ද ගෙවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES