තවත් කොවිඩ් මරණ 212 ක් මෙරටින් වාර්තා වනවා
ඊයේ (28) දිනය තුළ සිදුව ඇති මෙම පිරිස අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 8,583 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.