27 C
Colombo
Friday, April 19, 2024

ඊයේ තවත් ලක්ෂ 272,800 ක් අච්චු ගහලා – කීර්ති තෙන්නකෝන්

- Advertisement -

2022 පෙබරවාරි 27 සිට මාර්තු 28 (ඊයේ) දක්වා මාසයක කාලය තුළ මහ බැංකුව විසින් රුපියල් මිලියන 216,470 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගසා ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 4,434,700 ක් එනම්, රුපියල් බිලියන 443.47 ක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඊයේ (28) දිනයේ අච්චු ගැසූ රු. ලක්ෂ 222,800 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 28 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රුපියල් මිලියන දාසය ලක්ෂ පනස් තුන්දහස් එකසීයක් බව (රු. මිලියන 1,653,100) තෙන්නකෝන් මහතා පවසනවා.

තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ , IMF ශ්‍රී ලංකාව වාර්තාවේ දක්වා ඇති මුදල් අච්චු ගැසීම පාලනයට රජය උත්සහ නොකරන බවයි.

රජයේ ආදයම් ඉහළ නංවා ගැනීමට හෝ විදයම් පියවා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමත්, අච්චු ගසන මුදල් කෑමට නොහැකි බැවින්, රට තුල ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සිදුවන බව ඔහු පවසනවා.

අලුත් අවුරුද්දට යැයි කියමින් රජය පවුල් ලක්ෂ 31 කට රු. 5000 බැගින් රු. 1,550,000,000 බෙදාදීමට මේ වන විට සූදානම් වනවා.

මාස දෙකක් පුරා මෙම මුදල ලබා දෙන්නේ එයට අවශ්‍ය මුදල රු. 3,100,000,000 ක් වනවා.

මෙම මුදල ලබාදීමට කටයුතු කරන්නේ මේ ආකාරයෙන් මුදල් අච්චු ගැසීම තුළින් නම් රට තව තවත් මූල්‍ය අර්බුදයකට ගමන් කරනු ඇති බවයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...