තවත් කොවිඩ් මරණ 111 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඊයේ (08) දිනයේ සිදුවූ මෙම මරණ 111 අතර අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 90 දෙනෙක් සිටිනවා.
එමෙන්ම අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 21 ක් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.
එමෙන්ම අද (09) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,928ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.