හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට නැවත වරක් තැත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගත් වෙඩික්කරුවෙකු රඳවා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත්, මෙහිදී ට්‍රම්ප්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයා එම ස්ථානයෙන් පළා යෑමෙන අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
සැකකරු සතුව රයිෆලයක් තිබී ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්තාවේදී වෙඩික්කරු සැඟවී සිටි ස්ථානයෙන් මීටර 274- 500 අතර දුරකින් සිට ඇති බව සඳහන්.
කෙසේවෙතත්, ට්‍රම්ප්ගේ රහස් ආරක්ෂක සේවා නිලධාරීන්ට මෙම වෙඩික්කරු සැඟවී සිටින ආකාරය නිරීක්ෂණය වී තිබූ අතර ඔහු අත්අඩංගුවට ගෙන නියමිත ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
මීට මාස දෙකකට පමණ ඉහතදී ප්‍රචාරක රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් හට වෙඩි තැබීමට ගත් උත්සාහයෙන් පසු මෙම සිදුවීමට හට ගෙන තිබෙනවා