26 C
Colombo
Wednesday, February 19, 2025

පොලීසියේ තවත් ජඩවැඩකට වැඩ වරදින ලකුණු

- Advertisement -

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කළා.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුන්ට මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ, ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කර තිබු බවයි.

මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES