තායිවාන සමුද්‍ර සන්ධියට ඉහළින් තවත් චීන බැලූන තුනක් පියාසර කළ බවත්, ඉන් එකක් දිවයින හරහා ගමන් කළ බවත්, තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
චීනය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, ප්‍රධාන තායිවාන මැතිවරණයට දින කිහිපයකට පෙර, චීනය සිය ගුවන් සේවා ආරක්ෂාවට තර්ජනය කරමින් දිවයිනේ මිනිසුන්ට මෙම බැලූන සමඟ මානසික යුද්ධයක් දියත් කරන බවට තායිවාන ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරනවා.
නමුත් මෙලෙස ඔත්තු බැලීමේ බැලූන යැවීම පිළිබඳව චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වනවා.
චීනය විසින් ඔත්තු බැලීම සඳහා බැලූන භාවිතා කිරීමේ හැකියාව ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය චීන නිරීක්ෂණ බැලූනයක් බිම හෙළීමත් සමඟ බව සඳහන් වනවා.
එහෙත් චීනය ප්‍රකාශ කළේ, එම බැලූනය අහම්බෙන් අහසේ පාවී ගිය සිවිල් යාත්‍රාවක් බවයි.
කෙසේ වෙතත්, මෙම සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණය නිසා තායිවානය චීන හමුදා සහ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව වාර්තා වනවා.