31 C
Colombo
Saturday, April 20, 2024

මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

- Advertisement -

මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එම නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම්කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,

“සිදුකරන ලද නවතම ජාන විශ්ලේෂණ වාර්තාවක් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවට ආවේනික ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා.

AY 104 අනු ප්‍රභේදය අපි පළමුවෙන්ම හඳුනා ගත්තේ ඉකුත් ජුලි මාසයේදී. එහි නාමකරණය ලැබීම කල් ගත වෙනවා. ඒ අනුවයි අද දිනයේදී අපි මේ සම්බන්ධයෙන් නිවේදනය කලේ. මේ අනු ප්‍රභේදය වැඩියෙන්ම වාර්තා වුනේ උතුර, උතුරුමැද සහ දකුණු පළාත තුලින්.

මේ අනු ප්‍රභේදවල හැසිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සොයා බැලීමට අදාළ පර්යේෂණාගාර පහසුකම් නැහැ. අපිට පළමුවෙන් AY 28 අනු ප්‍රභේදය වාර්තා වුවාට පසුව අපි ඒ සාම්පල් කිහිපයක් හොංකො හි පිහිටි පර්යේෂණාගාරයකට යැව්වා.

ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද නිසා කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල වෙනස්කමක් හෝ පැතිරවීමේ හැකියාවක් පෙන්නුම් කරන්නේ නැහැ”

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...