29 C
Colombo
Friday, June 2, 2023

සහල් පාලන මිලක් ගෙනෙමින් නැවතත් ගැසට්ටුවක්

- Advertisement -

නාඩු සහ කැකුළු සහල් සඳහා පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බව ළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (08) දින හෝමාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අනුව සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නා නාඩු සහ කැකුළු සහල් වල මිල රුපියල් 100ට වඩා ඉහළ දැමීම තහනම් වන බවත් වැඩිමිලට අලෙවි කරන්නන් හට පැනවෙන දඩය රුපියල් 2500 සිට ලක්ෂය දක්වා වැඩි කරන බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම, කිසියම් පාර්ශවයක් විසින් ලාභ ලැබීමේ අරමුණින් වී තොග රැස්කිරීමේ අරමුණින් වී තොග රැස් කිරීම සිදුකළහොත් එම වී තොග රාජසන්තක කිරීමට අදාල පනතේ සංශෝධන නීතිපතිවරයාගේ අනුමැතියට යොමුකර ඇති බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත්, රජය සහල් මිල පාලනය දෙසට හැරී ඇත්තේ මහපරිමාණ මෝල් හිමියන්ගේ වී මිලදී ගැනීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති පසුබිමකයි.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී නාඩු සහ කැකුළු වී සඳහා රු. 50ක්, සම්බා වී සඳහා රු. 52ක්, කීරි සම්බා සඳහා 55ක් සහ තෙත වී සඳහා රු.42ක් ලෙසට රජය විසින් පාලන මිලක් නියම කළා. ජූලිමස 21වනදා පැවති සාකච්ඡාවකදී මහ පරිමාණ මෝල් හිමියන් මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ද එම සහතික මිලටම වී මිලදී ගැනිම සඳහා සිය එකඟතාවය පළ කර සිටියා.

කෙසේ වෙතත්, මේ වන විට රජයේ සහතික මිල ඉක්මවමින් මහ පරිමාණ මෝල් හිමියන් විසින් වී මිලදී ගැනීම සිදුකරන බව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් පෙන්වා දෙනවා. පාලන මිල ඉක්මවා වී මිලදී ගැනීමට ඉඩ නොදෙන බව පැවසූ වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් එසේ සිදුවූවහොත් සිය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වන බවට පැවසූවද මේ වන විට මහ පරිමාණ මෝල් හිමියන් ගේ වී මිලදී ගැනීම පාලනය කර ගැනීමට ඔවුන් අසමත් බැවින් රජය පිළිබඳ තමන්ගේ විශ්වාසය ගිලිහී ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත්, වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ මෝල් හිමියන් විසින් සෑම කාලයකදීම මෙරට නීතිපද්ධතිය තුල ‘විවිධ සෙල්ලම්’ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...